How to find WiFi Password using CMD

WiFI වල Password හොයමු

How to find WiFi Password using CMD - athaebula.com

   අදත් ගොඩක් අයට වැදගත් වගේම වටියි කියල හිතෙන දෙයක් කියන්න යන්නෙ. සමහර අයනම් දන්නවත් ඇති. සමහරඅය නොදන්නවත් ඇති. දන්න නොදන්නා කාටත් මෙන්න. අපි කලින් ක්‍රමයක් කියල දුන්න මතක ඇති, ඔයාල Connect වෙලා ඉන්න WiFi එකේ password එක බලාගන්න හැටි. ඉතින් අද කියන්නෙත් ඒ සීන් එක වගේම දෙයක්. ඔයාලට පුළුවන් මේ ක්‍රමයෙනුත් connect වෙලා ඉන්න ඕනම WiFi එකක password එක බලාගන්න. බලමු එහෙනම් පියවර වශයෙන් කොහොමද ඕක කරන්නෙ කියල.

STEP 01
   ඉස්සරෝම අපි බලන්න ඕන අපි connect වෙලා ඉන්න WiFi network වල නම්ටික. ඒකට ඉස්සරෝම CMD එක Open කරගන්න Administrator යටතේ… මෙහෙමයි ඔයාල mouse pointer එක වම්අත පැත්තෙ පහල කොනේ තියන Windows Logo එක උඩට ගෙනියන්න. දැන් Right Click කරන්න. ඒ එන Menu එකෙන් “Command Prompt(Admin)” යන්න තෝරාගන්න. පහල රූපය බලන්න.

How to find WiFi Password using CMD - athaebula.com

STEP 02

   දැන් Open වෙන Window එකේ “netsh wlan show profile” ලෙස type කර enter press කරන්න. දැන් පහල රුපයේ ආකාරයට ඔයාල connect වෙලා ඉන්න WiFi network list එක user profiles යටතේ පෙන්වනව. මෙතනනම් එකයි තියෙන්නෙ. ඒ WiFi එකේ නම තමයි “SLT_4GLTE” යන්න.

How to find WiFi Password using CMD - athaebula.com

STEP 03

   දැන් password එක බලාගන්න යන්නෙ. ඒකට “netsh wlan show profile WiFi-name key=clear” යන්න type කර enter pressකරන්න. මෙහි WiFi-name යන තැනට ඔයාලට password එක බලාගන්න ඕන ඔයාල connect වෙලා ඉන්න WiFi එකේ නම දෙන්න.

   උදාහරණයක් විදිහට මං මෙතන දීල තියෙන්නෙ කලින් STEP 02 එකේදී හොයාගත්ත “SLT_4GLTE කියන නම. මේ ආකාරයට netsh wlan show profile SLT_4GLTE key=clear. දැන් පහල රූපය බලන්න.

How to find WiFi Password using CMD - athaebula.com

මෙහි Security settings යටතේ  Key Content ඉදිරියෙන් password එක බලාගන්න පුළුවන්. ඔච්චරයි කතාව.

ඉතින් ඔයාලට වැදගත් වගේ දැනුනනම් Comment කරන්න. අනෙක් අයටත් දැනගන්න share කරන්න. ඔයාලට ඒන ඕනම ගැටලුවකට විසදුම් හොයාගන්න අපේ forum එකට යන්න. අලුත් post එකක් දැමු පමාවට දැනගන්න ඔයාලගෙ mail box එකට ගෙන්න ගන්න අපිව  subscribe කරන්න.



ගැටළු සමග පොර බැදීම් නොකර

අදම ඔබගේ ගැටලුව

අතැඹුල ෆෝරමය 

වෙත යොමු කරන්න



 

Comments

comments